අනාදිමත් කලක සිට මිනිසාගේ විංඥනය විශද කිරිම කෙරිමෙහිලා හෙල කවි පරපුර පෑ වික්‍රමාන්විත පෙල හර අති සොබනේය-එවක කන්ද උඩරට නිදහස් අරගලය ජාතිකානු රාගයෙන් මුසපත් කෙරුවෝ කවියෝම බව අප දන්නා සනාතන දර්මතාවයකි-එවක තෙලි තුඩෙන් හැඩවු එලි වැට එලි සමය කියා පෑයේ හෙල කවියේ අභිමනයි-එමෙන්ම කවි බසහි රසයන් උද්ධීපනය කරන ලද්දේද එකි එලිවැට එලි සමය අනුප්ප්රසය බවනම් සත්‍යයකි-
සෙදෛනා ලොවිනා ලදුනා ලෙසිනා
රළිනා ලෙලෙනා සෙබනා ගතිනා
දකිනා මතිනා හදනා ලෙසිනා
පුරනා ලදුනා දකිනා සොබනා
මෙහිලා කවියා තම ඇස රැදි කාන්තා වරුන අනගි අනුප්රසයෙන් ගෙන හැර පාන්නේ එලි වැට එලි සමය පෙන්වමිනි-
එමෙන්ම හෙල කවියේ් දිප්තිමත් බව කියා පෑමේ තවත් කරුනු රැසක් වුයේ ය-ඒ හේතුන් අතර කරුනක් වුයේ කවි පද බැන්දෝද කවියට ඇල්ම පැයේද කවිය කෙරේ මනාවු අවබෝදයකින් සමත් වුවෝ බව පෙනේ-එහෙයින් කවි කෙත ලද්දේ හර සුන් වු ජීවනාර්ථ නෙවෙි-ජිවන අද්දැකීම් භාව පුර්නයෙන් තෙලි තුඩඟ සක්මන් කරවාලු කිවිද කිවිදියන් කාව්‍ය කරනය කෙරෙහි මනා අවබෝදයක් මෙන්ම ශික්ෂනයකින් සමන්වි වුවෝ ය-තම අද්දැකීම ශික්ෂනයෙන් කියා පෑයේ ඔවුන් තුල වු මනා ජීවන අද්දැකීම් නිසා යැයි මා විස්වාස පල කරයි-එමෙන්ම මෙකි යුගයේද හර සුන් කාව්‍යයන් බිහි නොවුවායැයි ම තර්ක කිරීම යුක්ත යුක්ත නොවන බවද මෙහිලා අප අවබෝදයෙහි සටහන් විය යුත්තේ ය-කෙසේ වෙිවා අප මෙහිලා අවබෝද කරගත යුතුත්තේ හර සුන් කව්ය කරන්ට අතීත කවි කෙතින් ලැබි තිබුනේ අල්පස්ථානයක් බවයි-
සුර ඟඟ දිය කෙලිනා ලිය පුර පුරබා
තුනු වඟසො`ද රුසිරෙන් පසුබා
තම රග දුටු සත් සතනද කලබා
බල ඟ`ග දිය කෙලිනා ලිය සසබා
හෙල කව්ය පරපුර සතුව පැවැති ශික්ෂනය මෙන්ම කාව්‍ය කරනය කෙරෙහි ඔවුන් දැක්වු අනුපමේය කුසලතාවයද සාහිත්‍ය කෙරෙහි ඔවුන් සතු දැනුමද මෙමගින් මනාව පෙනෙන්නට තිබෙයි-නුතන කව්ය කරනය එකි අනුබුතියම ගෙන හැර පාන්නේ මංමුලා වුවන් ලෙසය-
තොල් දෙක විලිකුන් මිරිස් ය
පියඋරු ටී බනිස් ය
පෙනුමෙන් නම් හරි උසස් ය
ඇය ෆැන්සිස්ගේ මිසිස් ය
මෙහිදි කව්‍යයේ යෙදෙන්නාගේ අද්දැකී මද බව මනාව පෙනෙන්නේ කවි කෙතෙහි වල් පැල රෝපනය ආරම්බය කියා පාමින් ය-
කවි කෙත කාලාන්තරයක් තිස්සේ ඉතා හොදින් රෝපනය වුවා සේම අග්‍ර පලයෝ නෙලා ගන්නට හැකිවු බව පෙනේ-නමුදු කාලයාගේ ඇවැමෙන් කව්ය කරනය නව මන් සොයන්නට පටන් ගන්නේ කාවය කරනයේ හර සුන් ගති පෙන්වා ලමිණි-එකි නව මං සෙවිම අනිවාර්යෙන්ම කල යුත්තකි-කාලයාගේ අවෂයථාවයන් මද්දයේ සෑම දෙයක්ම වෙනස් වනු ඇවසි ය-එමෙන්ම යුගාන්තර නොෙවිනම් යම් විට යම් සාහිත්‍යාංගයක් එහි පැවැත්ම නොව නැවැත්ම තීරනය වන්නේ ය-එනිසා නව මං සොයා යාම කල යුත්තක් වුවත් එය කල යුත්තේ මනා අවබෝදයෙන් හා දැනුමකින් යුතුව ය-
පේරාදෙනිය නිදහස් පැදි මඟ ගනිමින් කාව්‍ය කරනයේ නව මං සොයා යෑම ආරම් කලේය-එවක එකි කාරනාවෙහි අත් පොත් තැබුවෝ මනා ශික්සනයෙන් හා එකි සාහිතා්යනු රසනේ ඔද වැඩුනෝ වෙත්-නමුත් කාවය කරනයේ රිතින් උඩු යටීකුරු කරමින් පේරාදෙනිය ගුරු කුලය කලාවු කි‍්‍රයා කලාපයෙන් අද වන විට කවියා සේම කවියටද යන එන මන් නැති තත්වයට පත්ව තිබෙයි-
වත්මනෙහි එලිවැට එලි සමයෙන් තොර කව්ය කරනයේ යෙදිය හැකි නිසා හර සුන් කාව්‍ය කරනයන් බහුල දක්නට ලැබෙයි-එනිසාම කෙටිකතාව නවකතාව සේම සිංහල කවියද වද බිහිව හමාරය-එයට එක්කාසු වන නව මාධය අනුභූතින් කෙසේ වෙතත් කාව්‍ය රසය කෙසේ වෙතත් අවශ්‍ය මාධ්‍ය ආවරනය නොමිලේම ලබා දෙයි-
මගේ දෙනෙතේ
කදුලු කැට
නුබේ පාමුල නිදන් කර
නුබ මැරු අදමයා
සොයා යමි-
(සමාජ මාදයෙන් උපුටනයකි*
ඉහත අනුභූතියට මුහුන පාන ස`ද කි`දුරියගේ ශෝකාලාපය යටෝක්තයට වඩා කෙතරමි ප්‍රබලද-
සිප බද කොමලතින් මුව මි පැණි පොවා-පියා
සැප විධ කලක් සමගම මන පිනා-පියා
ලප සද ලෙසින් උන් මගෙ හිමි මරාපියා
අද අප කුමට වෙන් කරතිද පාපියා
එයින් නොනවතින කාව්‍ය කරනය වත්මන හදුන්වන්නේ ගීතය ලෙසිනි-ගීතය නාද මාලාවෙහි ඇති අරුත් රසය වෙනයම් ආරක් ගන්නා අතරෙහි ම පදාර්ථයෝ කියා පාන්නේ වෙනයමක ඇති තතුය-එයටම ආවෙිනික වු දර්ෂන තලයෝ කියා පාන්නේද වෙනත්ම අර්ථ රසයකිිිිි-එක් අතකින් මෙහිදි එය අසාදාරන නොවන්නේ මෙය කලු යුගය නිසා යැයි මා සිතමි-කෙසේ වෙිවා ගිහියන්ටද විචීකිචීචා සාදනා ස්වරයෙන් අත්දැකිම හා සංගීත ඥානයෙන් තොර ගායක පිරිසකගේ දායකත්වයද මෙයටම කැපෙයි-බහුතරයක නිරුවත මෙයයි-මුදලට කලාවත් කලා කරුවත් තීරනය වෙයි-නැතිනම් කෙටි පනිවිඩයකට කලාව තීරනය කොට හමාරය-
රම්බරි කියපන් නුබෙ නොම්බරේ
තන්තුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නේ බන්කරේ
අම්පාරේ මල්ලි නිදිද කාමරේ
මෙකී ගීතය කිසිදු සිදුවිමක් අනෙකට සම්බන්දයක් නොදක්වයි-නමුත් යම් හෙයකින් මෙහිදි එලි වැට එලි සමය කෙරෙහි අවබෝදයෙන් යුතුව කි‍්‍රයා කරන බව පෙනුනත් එකි පදයන් කිසියම් රිතියකට යටත් වුවා මිස අවබෝදයෙන් යෙදු බවක් නොපෙනේ-එලෙසම ඇත කාලයේද මෙවැනි කාවය කරනයන් දක්නට තිබුනද එයින් යම් ජීවනාර්ථයක් කියා පෑයේ ය-
දුන්න දුනු ගමුෙවි
ඉතල ඉතල ගමුෙවි
රාල මි ගමුෙවි
මුවෙක් හැඩුවයි සබර ගමුෙවි
කන්ද උඩ රට මහා කේදය කෙරෙහි කවි සිත පහල වුයේ එසේ ය-
කෙසේ ෙවිවා වත්මන බහුතරයක් කාව්‍ය කරනයේ යෙදෙනුයේ කාවය කරනය හෝ සමාජාර්ථයන් නොමැතිවය-එසේ ම එනිසා කවිය පමනක් නොව කවියාද වදබිහිව ඇත-යුගයේ අව්‍යතාවය වනුයේ නැවතත් හෙල කවි කෙත පෝෂනය කිරිමෙහි සමත් ඥානාන්විත කවි පරපුරක් බිහි විමය-එතුලින් කවියත් කවි කෙතත් ඇස් ඇදස්දිය යුතුව ඇත-අප අධ්‍යාපන රටාවෙහි වෙනසක් කාලීනව සිදු කිරිමෙන් අනතුරුව පාසල් පද්දතිය තුල නිවැරදි සාහිත්‍ය දැනුමක් ලබා දීමෙන් හා මාධ්‍ය සංස්කෘතියෙන් බැහැරව වින්දනයෙන් ප්‍රඤ්ඤාව දැල්විමට ඇවැසි ලෙස මාධ්‍ය ආයතනයන්ද කටයුතු කිරි්මේන් අප හට නැවතත් මෙම පුරන් වු කුඔුරෙහි අස්වනු නෙලනට හැකිවනු ඇත-එතෙක් සිංහල කවිය සේම සිංහල කවියට පෙම් බදින්නෝද යන එන මං නොමැතිව අදුරෙහිම පසු වන්නට වන බවනම් සත්‍යයකි-
(ගලිවර්--------------------*
👍
ReplyDeleteTalented gulliver keep it up buddyy
ReplyDeletefatta
ReplyDelete