Tuesday, June 18, 2019

ගුවන් විදුලියට ගලිවර්

   ගුවන් විදුලි වර්ධනය  හා බැදුනු   ශ්‍රි  ලංකාවේ ගුවන් විදුලි කොමිෂන්




ශ්‍රී ලංකා ගුවන්විදුලි වර්ධනය පිලිබඳ විමසීමෙදී ,එක් නිර්නායකයක් ලෙසට ගුවන්විදුලි කොමිෂන් සභා හදුනා ගත හැකිය .එම කොමිෂන් මගින් කරන ලද නිර්දේශිත, කාලීන සමාජ පදනම නියෝජනය කරයි .එබැවින් ගුවන්විදුලි කොමිෂන් හා එහි නිර්දේශ ශ්‍රීලංකා ගුවන්විදුලියේ  ගමන් මග මනා ලෙස පහදා ගැනීමට උපකාරී වේ .


කොමිෂන්..... 
  1. කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම
  2. එන් .ඊ .වීරසූරිය කොමිෂම
  3. සරච්චන්ද්‍ර උපදේශක කමිටුව
  4. හුලුගල්ල කොමිෂම
  5. වී .සී.ජයසූරිය කොමිෂම                                                           

                                           කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම
  • 1940 ඔක්තෝබර් 28 වෙනිදා කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම පත් කරන ලදි .
  • ප්‍රධානියා වූයේ aඅමාත්‍යසර් ජෝන් කොතලාවල මහතායි .
  • සාමාජිකයන් 12 කි . එනම් ,                                                                                                                                                  
  • මිල් ඉරල් බ්ලැක් මහත්මිය
  • ඊ .ඒ .අබේසේකර මහතා
  • එච් .එම් එම්. ගසාලි මහතා
  • පී .ද .එස් කුලරත්න මහතා
  • නඩේසන් මහතා
  • ඊ .ප්‍රයිස් මහතා
  • ඩබ්ලියු.ජේ.ප්‍රයිස් මහතා
  • මාක්ස් ස්.රොක්වඩ් මහතා
  • දේවාර් සූර්‍යසේන මහතා
  • ඩබ්ලියු,ආර් .වොට්සන් මහතා
  • එච් .ද.එස් .ගුණවර්ධන මහතා (ලේකම්)
  •  එස් .පරරාජසිංහ මහතා          

                                                        1941 මැයි මාසයේ 16 වන දින කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කලහ .එහි ප්‍රධාන නිර්දේශ 07 කි  

  1. ගුවන් විදුලිය වඩාත් ප්‍රගතිශීලි ක්‍රියා පිලිවෙතක් අනුගමනය  කල යුතුය
  2. පවතින ට්‍රාන්ස්මීටර් ප්‍රමාණවත් නොවන බැවින් වෝට් 20 ට්‍රාන්ස්මීටර් සවි කල යුතුයි
  3. ගුවන්විදුලි මධ්‍යස්ථාන ස්තීර ගොඩනැගිලි වලට ගෙන ආ යුතුය
  4. වැඩසටහන් නිෂ්පාදනයන් සදහා අයෝජනය කරන මුදල් ප්‍රමානය වැඩි කල යුතුය
  5. වැඩසටහන් සැලසුම් කිරීමෙදී උපදෙස් දීමෙ අවශ්‍යතාව පැහැදිලිකරන කොමිසම බටහිර සිංහල,දෙමළ.සහා අධ්‍යාපන යන අංශ 04       සදහාම උපදේශක කමිටු අවශ්‍යතාව පැහැදිලි කලහ
  6. ප්‍රජාමූල ශ්‍රවන මධ්‍යස්ථාන ආරම්භ කිරීම හා පාසල් ගුවන්විදුලි කමිටු අවශ්‍යතාව
  7. කාලයට ඔබින  අන්දමේ  තැටිගත කිරීම්  අවශ්‍යතාව
ගුවන්විදුලි වැඩසටහන් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධyානය යොමු කල මෙම කොමිසම තාක්ෂණික සහා වැඩසටහන් යන අංශ 02ක කෙරෙහිම අවධානය යොමු කරන්නකි
  • 1942 පෙබරවාරි 02 දිනරාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් මෙම යෝජනාව පිලිගෙන තිබේ .
  •  මුලින්ම කර ඇත්තේ පාසල් ගුවන්විදුලි කමිටු පිහිටු වීමයි
  • සෙසු යෝජනා 02 වන ලෝක යුද්ධය නිසා ක්‍රියාත්මක කිරිම කල් ගත විය
  • උපදේශක කමිටු පත් කරන්නේ 1946 දීය
  • සිංහල වැඩසටහන්   කමිටුව  ඊ .ඒ .අබේසේකර මහතගෙ sසභාපතීත් වයෙන්  විය
  •  දෙමළ කමිටුව කනගරත්නම් මහතා යටතේ විය .
  • ඉංග්‍රීසි වැඩසටහන් කමිටුව දොස්තර සෙටජි මහතා යටතේ විය 
                 මෙම කමිටු ඔස්සේ ගුවන්විදුලි වැඩසටහන් ඉතා සාර්ථකව විය .




     ශ්‍රීලංකා ගුවන්විදුලියේ ප්‍රධානියා  වූයේ ජෝන් ලැප්සන් මහතායි .මේ කාලයේදී කොමිසමේ පරිදි ගුවන්විදුලියේ වැඩසටහන් වර්ධනය සදහා කමිටු10 ක් පත් කලහ .

01.සිංහල උපදේශක කමිටුව
02.  දෙමළ" "
03.බටහිර " '
04.පාසැල් "  "
05.ග්‍රාමීය කටයුතු "  "
06.බෞද්ධ "  "
07.හින්දු  '  "
08.ක්‍රිස්තියානි "  "
09.මුස්ලීම්  "   "
10.පොදු උපදේශක කමිටු යනාදියයි .

බොරැල්ල කොටා පාරේ තිබූ ගුවන්විදුලි ආයතනය වර්තමානයේ පවතින ටොරින්ටන් භූමියට ගෙන ආවේ මේ කාලයේදීයමය .(1951) ඒ වගේම මේ කාලයෙදී  ගුවන්විදුලි පාසල් සේවය ආරම්භ විය .
  • මෙම සෑම කමිටුවක්ම  මසකට වරක් එක් වූ අතර ,කමිටු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජෙනරාල් අතර 02මසකට වරක් හමුව සිදු විය .
එන් .ඊ .වීරසූරිය කොමිසම.

1953 අප්‍රේල් මාසයේ 04 වන දින මෙම කොමිසම පත් කරන ලදි .ඒ වීරසූරිය මහතාගේ සභාපතීත්වය යටතේය .
සෙසු සාමජිකයන් ලෙස .

  • කේ .එස් .අරුලානන්ද
  • එස් .පරරාජසිංහ
  • මාර්ටින් වික්‍රමසිංහ
  • ඩී.බී.ඇහැලේපොළ
  • දේවර් සූරියසේන
යනාදීන් විය .
මෙහි වාර්තාව ඉදිරිපත් වූයේ වසර 02 කට පසුවය .

කොමිසමේ නිර්දේශ:-
  • ජාතික සේවා වැඩසටහන් වැඩි කිරීම
  • ශිල්පීන් තෝරා ගැනීමේදී පක්ෂපාති නොවීම
  • වැඩසටහන් මනා සැලැස්මෙන් යුතු වීම හා පෙරහුරුවකින් පසුව ප්‍රචාරයක් කිරීම
  • ග්‍රාමීය සංගීතයට මුල් තැනක් දීම හා එය නංවාලීම
  • ග්‍රාමීය ජනයාගෙ අවධානය දිනා ගැනීමට කටයුතු කිරීම
  • ප්‍රාදේශිය පුවත් වලට වැඩි ඉඩක් දීම
  • ගුවන්විදුලිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතර මනා සහසම්බන්ධයpක් පවත්වාගැනීම
යනාදිය මෙහි නිර්දේශ විය .

  • මෙම කාලයේදීම වෙළඳ සේවය හා සමග  තරගකාරිව  ස්වදේශීය සේවය ආරම්භ විය .
  • නිර්දේශ පරිදි ගුවන්විදුලි සංගීත අංශයක් ආරම්භ විය .
  • 1955 කාලය වන විට ගුවන්විදුලි බලපත්‍රලාභී  සංඛ්‍යාව 122860 ක් පමන වී තිබින .



                                                           හුළුගල්ල කොමිෂම

  • 1965 ජූලි 31 වන දින එවකට සිටි අග්‍රාණ්ඩුකාරවරයා විසින් මෙම කොමිසම පත් කරන ලදි .
  • පලමු සභාපතිවරයා වූයේ  එච් .ඒ .ඩී .හුළුගල්ල මහතායි .
  • සෙසු සාමාජිකයන් වූයේ ,
  • හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි හිමි
  • ඩී.බී .ඇහැලේපොළ
  • එස් .රාජනායගම්
                                                         යන අයයි .

කමිටුවමාස 08කින් පසුව නිර්දේශ ඉදිරිපත් කලහ .එනම් ..,,
  • දෙපාර්තමේන්තුවක් ලෙසට පවතින ය සංස්ථාවක් කිරිම
  • ගුවන් විදුලිය සදහා ප්‍රතිපත්ති හා පරිපාලනය සදහා කමිටුවක් පත් කිරීම
  • නවකයින් සේවයට බදවා ගැනීමේදී මනා පුහුනුවක් ලබා දීම
  • මැදිරි පහසුකම් වර්ධනය කිරීම
  • ශ්‍රවන පර්යේෂණ අංශයක් ඇරඹීම
  • ශ්‍රාවකයන් අතර ගුවන් විදුලිය තව තවත් ප්‍රචලිත කිරීමට ගුවන්විදුලි යන්ත්‍ර වල මිල අඩු කර ලබා දීම
  • ශ්‍රීලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කිරීම හා එහි මුල් ක්‍රියාමාර්ග හදුන්වා දීම 
නිර්දේශයට අනූව 1966 මැයි 21 වන දින ගුවන්විදුලි සංස්ථාවක් කිරීමට අනුමැතිය ලබා දීම සිදු විය .ඒ අනූව 1966 නොවැම්බර් 15 වන දින අංක 37 පනත යටතේ ගුවන්විදුලිය  "ගුවන් විදුලි සංස්ථාවක් " කරන ලදි .




                                                   වී .සී.ජයසූරිය  කොමිෂම

  • 1970 ඔක්තෝබර් 11වන දින පත් කරන ලද මෙම කොමිසමේ පලමු සභාපතිවරයා වූයේ වී .සී .ජයසූරිය මහතායි .
  • සෙස්සන් ලෙස ,
  • ඉවිලියන් ප්‍රනාන්දු
  • එස් .එම් .ඩී .සිල්වා  විය .
නිර්දේශ:-
  •  වෙළඳ සේවය හා ජාතික සේවය එකම ප්‍රධානියෙක් යටතට ගැනීම
  • ප්‍රවෘත්ති අංශය ප්‍රතිසංවිධාන කිරීම
  • සිංහල බෙරවාදන කණ්ඩායමක් සංගීත අංශයට ගැනීම
  • පාසැල් අධ්‍යාපන වැඩසටහන් ප්‍රතිසංවිධාන කිරීම 
  • ගුවන් කාලය භාවිතා කිරීමෙදී ලාභය සාධකයක් නොකරගැනීම
  • වෙළද සේවා සංගීත හා ගීත භාවිතය විවේචනයට භාජනය කරයි 

මෙම කාලය වන විට තිබූ ආර්ථික ප්‍රතිපත්ති මත මෙම කොමිසම තීරන ගෙන තිබේ , 
  • එවකට තිබූ සංවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ ලාභ උපරිම කිරිමේ අවශ්‍යතාවක්      ගුවන්විදුලියට නොවීය .

                                         සරත්චන්ද්‍ර උපදේශක කමිටුව

  • ගුවන්විදුලි කොමිසමක් නොවූවද 1960 සංගීත වැඩසටහන් වර්ධනය කල යුතු ආකාරය සලකා බැsලීම සඳහා පත් කර තිබේ .
  • මෙම උපදේශක කමිටුවේ සැලසුම් කරුවන් ලෙස කටයුතු කරන ලද්දේ  ආචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර හා ලයනල් එදිරිසිංහ ,එම් .පට්ටිආරච්චී යන අයයි .
ගුවන්විදුලි විදුලි සංගීතය බහුතර දෙනාගෙ ග්‍රහනයටh අසුවන්නක් බැවින් උසස් සංගීත ප්‍රචාkරය කල යුතු බව කමිටු  nනිර්දේශය විය .



    අමතර දැනමට:-                                                             http://www.slbceng.org/pdf/Radio%20Ceylon-Sri%20Lanka%20Broadcasting%20Corporation.pdf
ගුවන්විදුලි මාධ්‍ය සම්භවය හා මාධ්‍ය විකාශනය -කමල් වලේබොඩ
කියවීම මිනිසා සම්පූර්න කරයි "

--------------------------------------------------------------------------------------ගලියර්----------------------------------------




Tuesday, June 11, 2019

යන එනමන් නැති සිංහල කවිය

 යන එනමන් නැති සිංහල කවිය-
 අනාදිමත් කලක සිට මිනිසාගේ විංඥනය විශද කිරිම කෙරිමෙහිලා හෙල කවි පරපුර පෑ වික‍්‍රමාන්විත පෙල හර අති සොබනේය-එවක කන්ද උඩරට නිදහස් අරගලය ජාතිකානු රාගයෙන් මුසපත් කෙරුවෝ කවියෝම බව අප දන්නා සනාතන දර්මතාවයකි-එවක තෙලි තුඩෙන් හැඩවු එලි වැට එලි සමය කියා පෑයේ හෙල කවියේ අභිමනයි-එමෙන්ම කවි බසහි රසයන් උද්ධීපනය කරන ලද්දේද එකි එලිවැට එලි සමය අනුප්ප‍්‍රසය බවනම් සත්‍යයකි-
       සෙදෛනා ලොවිනා ලදුනා    ලෙසිනා
       රළිනා ලෙලෙනා සෙබනා       ගතිනා
       දකිනා මතිනා හදනා           ලෙසිනා
        පුරනා ලදුනා දකිනා          සොබනා
මෙහිලා කවියා තම ඇස රැදි කාන්තා වරුන අනගි අනුප‍්‍රසයෙන් ගෙන හැර පාන්නේ එලි වැට එලි සමය පෙන්වමිනි-
  එමෙන්ම හෙල කවියේ් දිප්තිමත් බව කියා පෑමේ තවත් කරුනු රැසක් වුයේ ය-ඒ හේතුන් අතර කරුනක් වුයේ කවි පද බැන්දෝද කවියට ඇල්ම පැයේද කවිය කෙරේ මනාවු අවබෝදයකින් සමත් වුවෝ බව පෙනේ-එහෙයින් කවි කෙත ලද්දේ හර සුන් වු ජීවනාර්ථ නෙවෙි-ජිවන අද්දැකීම් භාව පුර්නයෙන් තෙලි තුඩඟ සක්මන් කරවාලු  කිවිද කිවිදියන් කාව්‍ය කරනය කෙරෙහි මනා අවබෝදයක් මෙන්ම ශික්ෂනයකින් සමන්වි වුවෝ ය-තම අද්දැකීම ශික්ෂනයෙන් කියා පෑයේ ඔවුන් තුල වු මනා ජීවන අද්දැකීම් නිසා යැයි මා විස්වාස පල කරයි-එමෙන්ම මෙකි යුගයේද හර සුන් කාව්‍යයන් බිහි නොවුවායැයි ම තර්ක කිරීම යුක්ත යුක්ත නොවන බවද මෙහිලා අප අවබෝදයෙහි සටහන් විය යුත්තේ ය-කෙසේ ‍වෙිවා අප මෙහිලා අවබෝද කරගත යුතුත්තේ හර සුන් කව්‍ය කරන්ට අතීත කවි කෙතින් ලැබි තිබුනේ අල්පස්ථානයක් බවයි-
   සුර ඟඟ දිය කෙලිනා ලිය පුර     පුරබා
   තුනු වඟසො`ද රුසිරෙන්           පසුබා
   තම රග දුටු සත් සතනද          කලබා
   බල ඟ`ග දිය කෙලිනා ලිය         සසබා
 හෙල කව්‍ය පරපුර සතුව පැවැති ශික්ෂනය මෙන්ම කාව්‍ය කරනය කෙරෙහි ඔවුන් දැක්වු අනුපමේය කුසලතාවයද සාහිත්‍ය කෙරෙහි ඔවුන් සතු දැනුමද මෙමගින් මනාව පෙනෙන්නට තිබෙයි-නුතන කව්‍ය කරනය එකි අනුබුතියම ගෙන හැර පාන්නේ මංමුලා වුවන් ලෙසය-
   තොල් දෙක විලිකුන් මිරිස්    ය
   පියඋරු ටී බනිස්                   ය
   පෙනුමෙන් නම් හරි උසස්     ය
   ඇය ෆැන්සිස්ගේ මිසිස්          ය
මෙහිදි කව්‍යයේ යෙදෙන්නාගේ අද්දැකී මද බව මනාව පෙනෙන්නේ කවි කෙතෙහි වල් පැල රෝපනය ආරම්බය කියා පාමින් ය-
  කවි කෙත කාලාන්තරයක් තිස්සේ ඉතා හොදින් රෝපනය වුවා සේම අග‍්‍ර පලයෝ නෙලා ගන්නට හැකිවු බව පෙනේ-නමුදු කාලයාගේ ඇවැමෙන් කව්‍ය කරනය නව මන් සොයන්නට පටන් ගන්නේ කාවය කරනයේ හර සුන් ගති පෙන්වා ලමිණි-එකි නව මං සෙවිම අනිවාර්යෙන්ම කල යුත්තකි-කාලයාගේ අවෂයථාවයන් මද්දයේ සෑම දෙයක්ම වෙනස් වනු ඇවසි ය-එමෙන්ම යුගාන්තර නොෙවිනම් යම් විට යම් සාහිත්‍යාංගයක් එහි පැවැත්ම නොව නැවැත්ම තීරනය වන්නේ ය-එනිසා නව මං සොයා යාම කල යුත්තක් වුවත් එය කල යුත්තේ මනා අවබෝදයෙන් හා දැනුමකින් යුතුව ය-
  පේරාදෙනිය නිදහස් පැදි මඟ ගනිමින් කාව්‍ය කරනයේ නව මං සොයා යෑම ආරම් කලේය-එවක එකි කාරනාවෙහි අත් පොත් තැබුවෝ මනා ශික්සනයෙන් හා එකි සාහිතා්‍යනු රසනේ ඔද වැඩුනෝ වෙත්-නමුත් කාවය කරනයේ රිතින් උඩු යටීකුරු කරමින් පේරාදෙනිය ගුරු කුලය කලාවු කි‍්‍රයා කලාපයෙන් අද වන විට කවියා සේම කවියටද යන එන මන් නැති තත්වයට පත්ව තිබෙයි-
  වත්මනෙහි එලිවැට එලි සමයෙන් තොර කව්‍ය කරනයේ යෙදිය හැකි නිසා හර සුන් කාව්‍ය කරනයන් බහුල දක්නට ලැබෙයි-එනිසාම කෙටිකතාව නවකතාව සේම සිංහල කවියද වද බිහිව හමාරය-එයට එක්කාසු වන නව මාධය අනුභූතින් කෙසේ වෙතත් කාව්‍ය රසය කෙසේ වෙතත් අවශ්‍ය මාධ්‍ය ආවරනය නොමිලේම ලබා දෙයි-
    මගේ දෙනෙතේ
    කදුලු කැට
    නුබේ පාමුල නිදන් කර
    නුබ මැරු අදමයා
     සොයා යමි-
(සමාජ මාදයෙන් උපුටනයකි*
ඉහත අනුභූතියට මුහුන පාන ස`ද කි`දුරියගේ ශෝකාලාපය යටෝක්තයට වඩා කෙතරමි ප‍්‍රබලද-
    සිප බද කොමලතින් මුව මි පැණි     පොවා-පියා
    සැප විධ කලක් සමගම මන              පිනා-පියා
    ලප සද ලෙසින් උන් මගෙ හිමි           මරාපියා
    අද අප කුමට වෙන් කරතිද                   පාපියා
    එයින් නොනවතින කාව්‍ය කරනය වත්මන හදුන්වන්නේ ගීතය ලෙසිනි-ගීතය නාද මාලාවෙහි ඇති අරුත් රසය වෙනයම් ආරක් ගන්නා අතරෙහි ම පදාර්ථයෝ කියා පාන්නේ වෙනයමක ඇති තතුය-එයටම ආවෙිනික වු දර්ෂන තලයෝ කියා පාන්නේද වෙනත්ම අර්ථ රසයකිිිිි-එක් අතකින් මෙහිදි එය අසාදාරන නොවන්නේ මෙය කලු යුගය නිසා යැයි මා සිතමි-කෙසේ වෙිවා ගිහියන්ටද විචීකිචීචා සාදනා ස්වරයෙන් අත්දැකිම හා සංගීත ඥානයෙන් තොර ගායක පිරිසකගේ දායකත්වයද මෙයටම කැපෙයි-බහුතරයක නිරුවත මෙයයි-මුදලට කලාවත් කලා කරුවත් තීරනය වෙයි-නැතිනම් කෙටි පනිවිඩයකට කලාව තීරනය කොට හමාරය-
   රම්බරි කියපන් නුබෙ නොම්බරේ
    තන්තුරි කමුද නොදා බර බරේ
    වාකරෙ කවුද ඉන්නේ බන්කරේ
    අම්පාරේ මල්ලි නිදිද කාමරේ
මෙකී ගීතය කිසිදු සිදුවිමක් අනෙකට සම්බන්දයක් නොදක්වයි-නමුත් යම් හෙයකින් මෙහිදි එලි වැට එලි සමය කෙරෙහි අවබෝදයෙන් යුතුව කි‍්‍රයා කරන බව පෙනුනත් එකි පදයන් කිසියම් රිතියකට යටත් වුවා මිස අවබෝදයෙන් යෙදු බවක් නොපෙනේ-එලෙසම ඇත කාලයේද මෙවැනි කාවය කරනයන් දක්නට තිබුනද එයින් යම් ජීවනාර්ථයක් කියා පෑයේ ය-
     දුන්න දුනු              ගමුෙවි
     ඉතල ඉතල             ගමුෙවි
     රාල මි                  ගමුෙවි
     මුවෙක් හැඩුවයි සබර  ගමුෙවි
කන්ද උඩ රට මහා කේදය කෙරෙහි කවි සිත පහල වුයේ එසේ  ය-
කෙසේ ෙවිවා වත්මන බහුතරයක් කාව්‍ය කරනයේ යෙදෙනුයේ කාවය කරනය හෝ සමාජාර්ථයන් නොමැතිවය-එසේ ම එනිසා කවිය පමනක් නොව කවියාද වදබිහිව ඇත-යුගයේ අව්‍යතාවය වනුයේ නැවතත් හෙල කවි කෙත පෝෂනය කිරිමෙහි සමත් ඥානාන්විත කවි පරපුරක්  බිහි විමය-එතුලින් කවියත් කවි කෙතත් ඇස් ඇදස්දිය යුතුව ඇත-අප අධ්‍යාපන රටාවෙහි වෙනසක් කාලීනව සිදු කිරිමෙන් අනතුරුව පාසල් පද්දතිය තුල නිවැරදි සාහිත්‍ය දැනුමක් ලබා දීමෙන් හා මාධ්‍ය සංස්කෘතියෙන් බැහැරව වින්දනයෙන් ප‍්‍රඤ්ඤාව දැල්විමට ඇවැසි ලෙස මාධ්‍ය ආයතනයන්ද කටයුතු කිරි්මේන් අප හට නැවතත් මෙම පුරන් වු කුඔුරෙහි අස්වනු නෙලනට හැකිවනු ඇත-එතෙක් සිංහල කවිය සේම සිංහල කවියට පෙම් බදින්නෝද යන එන මං නොමැතිව අදුරෙහිම පසු වන්නට වන බවනම් සත්‍යයකි-
           (ගලිවර්--------------------*